තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාගයේ ප්‍රශ්න වගයක් වට්සැප් හරහා ගිහින්!

    සාපෙළ විභාගයේ ප්‍රශ්න වගයක් වට්සැප් හරහා ගිහින්!

    අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) පැවති ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න WhatsApp සමාජ ජාලය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාගය අතරතුර ප්‍රශ්න පත්‍රය WhatsApp හරහා සංසරණය වූ බවත් අපේක්ෂකයින් සඳහා පිළිතුරු පිටපත් කිරීමට මෙම ප්‍රශ්න එමගින් බෙදා හැර ඇති බවට වාර්තා වී ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.

    කෙසේ වෙතත්, එය ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට බලපෑමක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේ සිදුවූ බව කියන දෝෂයක් සම්බන්ධයෙන් ද දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img