තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන ආනයනයට ඉඩදෙන්න ලෑස්තියි -ක්‍රමයේ වෙනසක්

    වාහන ආනයනයට ඉඩදෙන්න ලෑස්තියි -ක්‍රමයේ වෙනසක්

    වාහන ආනයනය අදියර හතරක් ඔස්සේ
    සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග අද (08) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට ඒක්වෙමින් ඔහු මේ බව කීය.

    වාහන ආනයන සීමා ඉවත්කිරීම සහ ඉන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බව හෙතෙම කියාසිටී.

    ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

    ඒ අනුව, ආනයන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    සියලු වාහන ආනයනය කිරීම එක්වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදුකිරීම වඩාත් ප්‍රායෝගික බවයි ආනයනකරුවන් එහි දී පෙන්වා දී ඇත.

    පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදී වශයෙන් කොටස් වශයෙන් ආනයනය සඳහා අවසර දීම වඩාත් ප්‍රායෝගික බවත් එහි දී අවධාරණය කර ඇත.

    එමෙන්ම, බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img