චීනය පුරා COVID-19 එන්නත් මාත්‍රා මිලියන 603 ක් ලබා දී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
පසුගිය මැයි 24 වැනිදා වනවිට චීනය තුළ එන්නත් මාත්‍රා 500ක් දී තිබූණි.
ඊයේ වනවිට මාත්‍රා මිලියන 600ක් දී තිබූ අතර අද වනවිට එය මාත්‍රා මිලියන 603ක් දක්වා ලබාදී ඇත.
චීනයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 110,263ක් වන අතර එහි මෙතෙක් සිදුවූ කොවිඩ් මරණ ගණන 4,924කි.
චීනයේ සමස්ත ජනගහනය 1,444,357,800කි.
