තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවසර නැතුව මැයි රැළි උඩින් ඩ්‍රෝන් කැමරා යැවීම තහනම්

    අවසර නැතුව මැයි රැළි උඩින් ඩ්‍රෝන් කැමරා යැවීම තහනම්

    ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් කර තිබේ.

    ඒ, හෙට(01) දිනට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව ආදිය ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡායාරූප හා වීඩියෝගත කිරීම් කටයුතු සිදු කරන්නේ නම් ඒ සඳහා නිසි අවසර ලබා ගත යුතු බව අවධාරණය කරමිනි.

    අනවසරයෙන් මැයි දින පෙළපාලි, රැළි හා සැමරුම් උත්සව කටයුතු ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම තහනම් බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.

    මෙය දිවයින පුරා පැවැත්වෙන සියළුම මැයි රැළි සඳහා අදාළ වනු ඇත.

    අනවසරයෙන් ඩ්‍රෝන යානා භාවිතා කරන්නන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බව ද පොලිස් මූලස්ථානය දැනුම් දී සිටී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img