තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඇමෙරිකාවේ බෞද්ධ විහාරවලත් අලුත් අවුරුදු උත්සව

    ඇමෙරිකාවේ බෞද්ධ විහාරවලත් අලුත් අවුරුදු උත්සව

    (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට..)

                  වොෂින්ටන් DC බෞද්ධ විහාරය හා මේරිලන්ඩ් බෞද්ධ විහාරයේ මෙහෙයවීමෙන් ලාංකීය සිරිත් විරිත් හා සාම්ප්‍රංධායන්ට අනුකූලව සිංහල අලුත් අවුරුදු උත්සව දෙකක් පසුගියදා ඉතා සාර්ථකව නිමා විය.
     වොෂින්ටන් විහාරයේ උත්සවය එම විහාරාධිපති හා උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි  නාහිමි හා මේරිලන්ඩ් විහාරයේ උත්සවය එම විහාරාධිපති හා ඇමෙරිකාවේ අධිකරණ සංඝ නායක කටුගස්තොට උපරතන නාහිමි ප්‍රමුඛ විහාර දෙකේ ස්වාමීන් වහන්සේලා හා දායක සභාවල් විසින් සංවිධානය කෙරිණ. මේ සදහා ලාංකිකයන් 1000 කට ආසන්න පිරිසක් එක්වීම කැපී පෙණින.
       මෙම උත්සව සදහා වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු තානාපති නිළධාරීන් හා එම පවුල් වල අයද එක්වූහ. තවද මේරිලන්ඩ් උත්සවය සදහා ප්‍රංශයේ පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්ද්‍රරතන නාහිමි ද එක්වීම විශේෂත්වයකි.
      හෙළ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා සාම්ප්‍රධායික කෙළි සෙල්ලම් හා විනෝද ජනක ඉසව් රැසක් මෙම උත්සව වලට ඇතුලත් වූහ. පැමිණි සියලු දෙනාට කැවුම් කිරිබත් මුං අලුවා අතිරස ආස්මී අග්ගලා පොල් කේක් කිරි ටොfපි තේ කෝපි හා ඖෂධීය පාන වර්ග වලින් සංග්‍රහ කෙරිණ. තානාපති ඇතුළු කාර්ය මණිඩලය දිනය පුරා එහි රැදී සිටීම එහි පැමිණ සිටි ලාංකිකයන් කාගේත් ප්‍රසංශාවට ලක්වූහ.
    
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img