තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන අගමැති සහ ටෙස්ලා ප්‍රධානි අතර හමුවක්

    චීන අගමැති සහ ටෙස්ලා ප්‍රධානි අතර හමුවක්

    චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඊලෝන් මස්ක් මහතා අතර හමුවක් පවත්වා තිබේ. එම හමුව ඊයේ (28) පස්වරුවේ පැවැත්වුණේ 2024 බෙයිජිං ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව යි.

    චීනය තුළ Tesla සමාගමේ වර්ධනය චීන-ඇමරිකානු ආර්ථික ‍හා වෙළඳ සහයෝගිතාවන්හි සාර්ථක නිදසුනක් ලෙස සැලකිය හැකි බව අග්‍රාමාත්‍යවරයා එහිදී කියාසිටියේය. නිසි සහයෝගිතා මෙන්ම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ දෙරටට ම හිතකර බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

    ශංහයි නගරයේ ස්ථාපිත Tesla සුපිරි කර්මාන්ත ශාලාව, තම සමාගමේ ඉහළ කාර්ය සාධනයක් සහිත කම්හලක් බව ඊලෝන් මස්ක් Elon Musk මහතා එහි දී පැවසීය. චීනය සමග සහයෝගිතා තවදුරටත් පුළුල් කර උසස් ප්‍රතිඵල හිමිකර ගැනීමට තම සමාගම අපේක්ෂා කරන බව ද ඔහු කියාසිටියේය.

    මේ අතර, චීන අග්‍රාමාත්‍යවරයා 2024 බෙයිජිං ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. එහි දී ඔහු කියාසිටියේ රටේ බුද්ධිමය තාක්ෂණය සහිත අතිනවීන විදුලි මෝටර් රථ සංවර්ධනය කිරීමේ දැවැන්ත ප්‍රවණතාව පිළිබඳව ආ‍ඩම්බර විය හැකි බව යි.

    මෝටර් රථ සමාගම් ගුණාත්මක භාවය මත පදනම් ව නිෂ්පාදන මට්ටම වැඩිදියුණු කළ යුතු බවත්, මනා ඉදිරිදැක්මකින් යුතුව ගෝලීය හරිත පරිවර්තනය උදෙසා සක්‍රිය දායකත්වය ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img