fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන-ජර්මානු නායකයෝ හමුවෙති

    චීන-ජර්මානු නායකයෝ හමුවෙති

     
    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා,  ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමුවෙයි. එම හමුව බෙයිජිං අගනුවර රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ දී අද (16) පෙරවරුවේ පැවැත්විණ.
     
    ලොව දෙවැනි හා තුන්වැනි විශාලතම ආර්ථිකයන් හිමි චීනය හා ජර්මනිය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ පැවැත්ම දෙරට හෝ යුරේසියානු මහාද්වීපයට පමණක් නොව, සමස්ත ලෝකයටම බලපාන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙරටේ කර්මාන්ත දාමය හා සැපයුම් දාමය එකිනෙක සම්බන්ධ වී ඇති අතර, වෙළඳපොළවල් අතර ද මනා බැඳීමක් පවතින බව ද හෙතෙම පැවසීය.
     
    චීනය අපනයනය කරන විදුලි වාහන, ලිතියම් බැටරි හා ප්‍රකාශ වෝල්ටීය නිෂ්පාදිත, ගෝලීය උද්ධමනය සමනය කරමින් හරිත සංවර්ධනය සහතික කිරීමට දායක වී තිබේ. චීනය හා ජර්මනිය බහුපාර්ශ්වික සහයෝගිතා පැවැත්වීම ද වැදගත් ය. දේශගුණික විපර්යාස, අසමබර සංවර්ධනය හා කලාපීය ගැටළුවලට ශක්තිමත් ව මුහුණදෙමින් ගෝලීය තිරසරභාවය උදෙසා දෙරටට එක්ව කටයුතු කළ හැකි බව ද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය.
     
    පසුගිය දින දෙකේ චොංචිං සහ ෂැංහයි යන නගරවල සංචාරය කළ තමා මෑත වසරවල චීනය ලද දැවැන්ත ආර්ථික ජයග්‍රහණ සියැසින් දැක ගත් බව ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා එහිදී කියා සිටියේය. විශේෂයෙන් චීන-ජර්මානු ව්‍යාපාර අතර සමීප සහයෝගිතා සම්බන්ධයෙන් සතුටු වන බව ද ඔහු පවසයි. අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි හුවමාරු පුළුල්  කිරීමට ද ජර්මනිය සූදානමින් සිටින බව චාන්සලර්වරයා ප්‍රකාශ කළේය.

    රුසියානු-යුක්‍රේන අර්බුදය, පලස්තීන-ඊශ්‍රායල ගැටුම ඇතුළු ගෝලීය හා කලාපීය ප්‍රශ්න කෙරෙහි ද නායක දෙපළගේ අවධානය යොමුවිය.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.