තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසර 3කට පස්සේ මෙරට නිෂ්පාදන අංශයේ ඉහළම අගය වාර්තා කරයි

    වසර 3කට පස්සේ මෙරට නිෂ්පාදන අංශයේ ඉහළම අගය වාර්තා කරයි

    මෙරට තුළ නිෂ්පාදන අංශයේ වසර තුනකින් වාර්තා කළ ඉහළම අගය ගෙවුණු මාර්තු මාසයේදී වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මාර්තු මාසයේ දී දර්ශකාංක 62.5ක් වාර්තා කර ඇත.

    එමෙන්ම මෙරට සේවාවල ද ගිය මාර්තු මාසයේ දී වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම උප දර්ශක පෙර මාසය හා සැසඳීමේදී ඉහළ යෑම හේතු විය.

    මහබැංකු දත්තවලට අනුව ආහාර හා පානවර්ග නිෂ්පාදන අංශය සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශය නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත.

    විශේෂයෙන් ආහාර සහ පානවර්ග නිෂ්පාදනය කරන්නන් ඇතුළුව බොහෝ නිෂ්පාදකයින් එළඹෙන උත්සව සමය පිළිබඳව සුභවාදී අදහස් පල කරන බව මහබැංකුව පෙන්වා දෙයි.

    මේ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම හා සමගාමීව සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් ද ඉහළ යන ලදී.

    තවද, මිල මට්ටම්වල පහත වැටීමක් ද වාර්තා විය.

    මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙර මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ දී අඩු වේගයකින් වුවද ඉහළ යන ලදී.

    ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන කටයුතු සඳහා වන අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතියි. කෙසේ වෙතත්, උත්සව සමය අවසන් වීමෙන් පසු අප්‍රේල් මාසයේදී නිෂ්පාදනයේ යම් අඩුවීමක් අපේක්ෂා කරන බව ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.

    සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, එනම් ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය, 2024 මාර්තු මාසයේ දී දර්ශකාංක 67.7ක් වාර්තා කරමින් සේවාවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කළේය.

    ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මෙම අඛණ්ඩ වර්ධනය සඳහා උප අංශ ගණනාවක වාර්තා වූ ඉහළ යෑම් හේතු විය.

    ඒ අනුව, උත්සව සමයේ විකුණුම් ඉහළ යෑම් හේතුවෙන් තොග සහ සිල්ලර වෙළෙඳාම උප අංශය සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කර ඇත.

    තවද, මූල්‍ය සේවා උප අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම්, ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට සමගාමීව අඛණ්ඩව වර්ධනය විය. මේ අතර, ඉහළ සංචාරක පැමිණීම් හේතුවෙන් නවාතැන් හා ආහාර පාන සැපයීමේ සේවා උප අංශය අඛණ්ඩව වර්ධනය වූ අතර, ප්‍රවාහන, අනෙකුත් පෞද්ගලික සේවා කටයුතු සහ වෘත්තීය සේවා උප අංශ ද මාර්තු මාසය තුළ ධනාත්මක වර්ධනයන් වාර්තා කළේය.

    ප්‍රධාන වශයෙන්, තොග සහ සිල්ලර වෙළෙඳාම, මූල්‍ය සේවා, රක්ෂණ ප්‍රවාහන සහ වෘත්තීය සේවා යන උප අංශ වල ඉහළ යෑම් සමඟ මාර්තු මාසයේදී ඉහළ ගියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img