තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාකොටික් කොස්තාපල් මත්කුඩු ගන්න යද්දී මාට්ටු

    නාකොටික් කොස්තාපල් මත්කුඩු ගන්න යද්දී මාට්ටු

    මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ මිරිහාන පොලීසියේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මත්කුඩුද සමඟ දිවුලපිටිය සහ බිංගිරිය පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් පෙරේදා (06) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම නිලධාරීන් දෙදෙනාම කොස්තාපල්වරුන්ය.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය පොලීසියේ නිලධාරීන්ය. මෙම නිලධාරියා සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 125ක් සොයාගෙන ඇත. සපුගහගම කුඩා ගම්මානය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරනු ලබන්නේ පසුගිය ජනවාරි මාසයේ 14 වෙනිදා සිට මෙම නිලධාරියා ට සේවය අතහැරයාමේ නියෝග නිකුත්කර තීබී ඇති බවය.

    මිරිහාන පොලීසියේ සේවයේ නිරත පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය පොලීසියේ නිලධාරීන්ය. පනාවල හන්දියේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 10ක් සමගිනි.

    මිරිහාන පොලීසිය සඳහන් කරනු ලබන්නේ මෙම නිලධාරියා මාස 03ක් තිස්සේ සේවයට වාර්තා කර නැති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img