fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් අවුරුද්දේ ගමේ යන්න බස් -කෝච්චි සූදානම්

    අලුත් අවුරුද්දේ ගමේ යන්න බස් -කෝච්චි සූදානම්

    අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව සඳහා අනිද්දා සිට විශේෂ බස් රථ සහ දුම්රිය යොදවා ඇත.

    ඒ අනුව දුර ගමන් සේවා සඳහා විශේෂ බස් රථ 200කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කරන අතර , ලංගම නව බස් බස් රථ 5000ක පමණ ප්‍රමාණය ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.

    මගී ජනතාව වැඩිපුර ඉල්ලන ගමනාන්ත වෙත විශේෂ බස් රථ යොදවන ලෙස සියලු ඩිපෝ කළමණාකරුවන්ට උපදෙස් දී ඇතැයිද හෙතෙම කීවේය.

    එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ලබන 10 වැනි දා සිට දෛනිකව විශේෂ දුම්රිය සේවා 12ක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යොදවා ඇති අතර එම දුම්රිය සේවා ලබන 15 වැනි දා දක්වා ක්‍රියාත්මක වේ.

    ගම්බිම් බලා යන සහ නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය සේවා යෙදවීමට තීරණය කර ඇති අතර දීර්ඝ දුම්රිය ගමනාන්ත සඳහා දෛනිකව ධාවනයට එක් කර ඇති දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය සේවා 12 ක්‍රියාත්මක කිරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.

    මේ අතර ජාතික ගමනා ගමන කොමිෂන් සබාව විසින් ඉල්ලීමක් කරන්නේ නම් විශේෂ සේවා සඳහා බස් රථ ලබාදීමට පියවර ගන්නා බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දිනමිණට පැවැසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.