fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු 6ක් සමගි ජන සන්ධානයට (📹)

    නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු 6ක් සමගි ජන සන්ධානයට (📹)

    අධික බදු බරින්, ජීවන වියදමින් මෙන්ම අල්ලසින් දූෂණයෙන් රටේ ජනතාව තලා පෙළා දමන, රටේ ජනතාවගේ පොදු සතුරා වන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එළවා දමා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීමේ අරමුණු කර ගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු 6 දෙනකු සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (5) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු විය.

    එම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් නිදහස් ජනතා සභාව නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, ආචාර්ය නාලක ගොඩහේවා, උපුල් ගලප්පත්ති සහ කේ.පී.එස්. කුමාරසිරි යනාදීන් අත්සන් තැබීය

    කඩාවැටුණු ගරා වැටුණු දේශයක් නව පුනර්ජීවනයක් තුළින් ශක්තිමත් ඉදිරි ගමනක් ක්‍රියාත්මක කර අප රට ආර්ථික, සමාජයීය ඛේදවාචකයෙන් මුදවා ගැනීමේ ගමනට මුල පුරන තවත් වැදගත් අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

    සමගි ජන බලවේග ගමනේ ප්‍රධාන තේමාව වන්නේ ‘තමන්ට පෙර රට’ බවත් පොදුජන වරමින් බිහිවන රජයේ කිසිදු අයකුට පෞද්ගලිකව සුන්දර නොවන බවත් හෙතෙම කීය.

    සමගි ජන බලවේග රජය තුළ රටේ සුපුරුදු වරදාන වරප්‍රසාද සියල්ලක්ම පසෙකලා ජනතාවගේ අයිතිය රැකගැනීමේ ගමනක පෙරගමන්කරුවන් ලෙස ඉදිරිපත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ශ්‍රී ලංකාව ලොව පළමු තැනට ගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ ජනතා කේන්ද්‍රීය රාජ්‍ය පාලනයකට යොමුවන බවද ඔහු කියාසිටී.

    සෑම න්‍යායකම තිබෙන ධනාත්මක ගුණාංග එකතු කර ගත් මැද මාවතක් හරහා ඉදිරි ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයත් නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 6 දෙනකු සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    රටේ ජාතික ආදායමෙන් 52%ක් භුක්ති විදින්නේ පොහොසත් 20%ක් බවත් දුප්පත් 20% භුක්ති විදින්නේ ජාතික ආදායමෙන් 4.5%ක් නිසා මෙය පිළිගත නොහැකි බවත් හෙතෙම කියයි.

    සෞභාග්‍යය සැවොම එකතු කර ගත් එකක් විය යුතු බවත් එය සැවොම සමානව බෙදා ගන්නා සෞභාග්‍යයක් විය යුතු බවත් ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ සැවොම කොටස්කාරයන් වූ වර්ධනයකින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    නුදුරු අනාගතයේ දී වඩාත් ජනතාවාදී ජනහිතකාමී සන්ධාන රැසක් බිහි වන බවත් මෙම සන්ධාන පිටුපස කිසිදු වරදාන වරප්‍රසාදයක් ලබා දීමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

    එම අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වේ.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.