fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිය අනතුරකින් මුලතිව් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මියයයි

    රිය අනතුරකින් මුලතිව් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මියයයි

    මුලතිව් හී ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා රිය අනතුරකින් මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ ඒ.කුලේන්ද්‍රන් මහතාය. ඔහු මිය යන විට වයස අවුරුදු 48කි. වවුනියාව පණ්ඩාරිකුලම් හී පදිංචිකරුවෙක් වන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රිය අනතුරට ලක්ව ඇත්තේ සේවය නිමවා නිවස බලා ගමන්කරමින් සිටියදීය.

    යාපනය – නුවර මාර්ගයේ කිලෝ මීටර් 187 කණුව අසලදී මෙම අනතුර සිදුව තිබේ.

    ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගමන්කරමින් තිබුණු කැබ් රථයේ ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

    කැබ්රථයේ රියදුරු වැල්වැටිතුරේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන්නෙකි. මෙම අනතුරින් ඔහුටද තුවාල සිදුව රෝහල්ගතකර ඇත. අනතුර සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.