fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පොලිස් නිලධාරීන්ට බුත්තලදී පිරිසක් වටකර පහරදීලා

    පොලිස් නිලධාරීන්ට බුත්තලදී පිරිසක් වටකර පහරදීලා

    රාත්‍රී ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි හිඟුරුකඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට බුත්තල උඩඅරාව හන්දියේදී ඊයේ රාත්‍රී කාලයේදී පිරිසක් වටකර පහරදී ඇත.

    එම පහරදීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

    පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් හිඟුරුකඩුව රෝහලටත් කොස්තාපල්වරයෙක් මොණරාගල රෝහලටත් ඇතුලත්කර ඇති බව බුත්තල පොලීසිය කියයි.

    මෙසේ රෝහල්ගතකර ඇත්තේ පොලිස් සැරයන් ගජනායක(60124), පොලිස් කොස්තාපල්වරුන් වන විජේසිංහ (96042) සහ ලසන්ත (66721) යන නිලධාරීන් තිදෙනාය.

    මෙම නිලධාරීන් බුත්තල පොලිස් වසමේ උඩඅරාව හන්දියේ දී පුද්ගලයින් දෙදෙනෙක් ගමන් කළ යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී එතැනට පැමිණි පස් දෙනෙක් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව බුත්තල පොලීසිය කියයි.

    එසේ නිලධාරීන්ට පහරදුන් පුද්ගලයින් පොලිස් නිලධාරීන් සතුව තිබුණු ජංගම දුරකථන දෙකක්ද රැගෙන පළාගොස් ඇති බව පොලීසිය කියයි.

    මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව පොලීසිය ක්‍රියාත්මක වන විට ඔවුන් පළාගොස් ඇත්තේ පැමිණි යතුරුපැදි දෙකක්ද අතහැර දමාය. එම යතුරුපැදි දෙක පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය කියයි. පහරදුන් පුද්ගලයින් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.