fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගලබොඩඅත්තේ ඥානසාර හිමිට සිරදඬුවමක්

    ගලබොඩඅත්තේ ඥානසාර හිමිට සිරදඬුවමක්

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමිට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබේ.

    කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් උන්වහන්සේට රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කර ඇත.

    ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් මෙම දඬුවම් නියම කර තිබේ.

    2016 වසරේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්වුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.