fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙබරවාරියේ සුරාබදු ආදායම් නගී

    පෙබරවාරියේ සුරාබදු ආදායම් නගී

    පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පෙබරවාරි මාසයේදී සුරාබදු දෙපාර්තමේන්තුව උපයාගත් ආදායම 38.5%කින් ඉහළ ගොස් තිබේ.

    සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසන්නේ මධ්‍යසාර මිල ඉහළ යාම හේතුවෙන් 2023 වසරේ එම මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී මධ්‍යසාර නිෂ්පාදනය ලීටර් 657,000 කින් පමණ අඩුවී ඇති බව ය.

    එමෙන්ම එළඹෙන උත්සව සමයේ නීතිවිරෝධී මත්පැන් වැටලීම් සිදුකිරීමට දිවයින පුරා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.