තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝහල් වැසිකිලියේදී රෝගී සිසුවකුට ලිංගික අතවර කළ ‍කොස්තාපල්ගේ වැඩ තහනම්

    රෝහල් වැසිකිලියේදී රෝගී සිසුවකුට ලිංගික අතවර කළ ‍කොස්තාපල්ගේ වැඩ තහනම්

    මොණරාගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි සිසුවෙකුට රෝහලේ වැසිකිලියක් තුළදි ලිංගික අතවර කළ බව කියන මොණරාගල පොලීසියට අනුයුක්ත රෝහල් පොලීසියේ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්කර ඇත.

    මොණරාගල සහකාර පොලිස් අධිකාරීවරයා විසිින් පෙරේදා (23) මෙම නියෝගය නිකුත්කර ඇත්තේ 21 වෙනිදා සිට වැඩ තහනම ක්‍රියාත්මක බව සඳහන් කරමිනි.

    මොණරාගල රෝහල තුළදි මෙම සිදුවීම වී තිබුණේ පසුගිය පෙබරවාරි 16 වෙනිදාය. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකාර කොස්තාපල්වරයා පසුගිය 21 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 150,000ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img