තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බසයක් තුළ සිසුවියකට අතවරයක්

    බසයක් තුළ සිසුවියකට අතවරයක්

    මගී බස් රථයක් තුළදී 13 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවරයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික සෙබලෙකු පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත බව මාවතගම පොලීසිය සඳහන් කළේය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවයේ නිරත නාවික සෙබලෙකි. 31 හැවිරිදි මෙම සෙබලා කහපත්තල, ගංගොඩපිටියේ පදිංචිකරුවෙකි.

    මාවතගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන 13 හැවිරිදි සිසුවිය මෙම නාවික සෙබලා අතවරකර ඇත්තේ පසුගිය 22 දා මගී බස් රථයක් තුලදීය. සිසුවිය පාසල නිමවී මගී බස් රථයේ නැගී නිවස බලා යමින් සිටියදී එම බස් රථයේ සිසුවිය අසුන් ගෙන සිටි ස්ථානය අසල රැදී සිටි සැකකාර නාවික හමුදා සෙබලා ඇයට අතවර කර ඇත්තේ ඔහුගේ රහස් ප්‍රදේශය සිරුරේ ගාවමින් බව කියැවේ.

    පොලීසිය පවසන්නේ සිසුවිය බස් රථයෙන් බසින විට ඔහුට බස් රථයෙන් බැස ඇති බවය. සිසුවිය බස් රථයෙන් බසින ස්ථානයේ ඇගේ මව රැදීසිට ඇති බවත් ඇය තමාට බස් රථයේදී සිදුවූ හිංසනය ගැන මව දැනුවත්කර ඇති බවත් පොලීසිය කියයි. එම අවස්ථාවේදී සැකකරුව මව විසින් අල්ලාගෙන ඇති අතර එම ස්ථානයට තවත් කිහිප දෙනෙකුද එහිදී පැමිණ සැකකරුට පළායාමට ඉඩ නොදී සිරකරගෙන සිට ඇත. මෙම සිදුවීම බස් රථයේ රැදී සිටි සිසුවියගේ නිවස ආසන්නයේ පදිංචි තරුණයෙක්ද දැක ඇති අතර ඔහුද සැකකරුට එරෙහිව සාක්ෂියක් පොලීසියට ලබාදී ඇත.

    සැකකාර නාවික හමුදා සෙබලාව පසුව පොලීසිය සිය භාරයට ගෙන අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමා ලී මෝලක් සොයමින් ගමන් කරමින් සිටියදී පිරිසක් තමාව අල්ලාගෙන පොලීසියට භාරදුන් බවකි. එහෙත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙම පුද්ගලයා අසහන කාරයෙක් බවත් සිදුව ඇත්තේ මෙම සිසුවියගේ පස්සෙන් පැමිණිමක් බවත්ය.

    ඒ අනුව සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව මාවතගම පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img