වත්මන් සභාපතිවරයා තනතුරේ සිටිනතුරු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සාමාජිකයන් පත් නොකරන බව සමඟි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ ජාතික සංවිධායක,පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ කෝප් කමිටුව විනිවිද බවකින් පවත්වාගෙන යෑමටනම් වත්මන් සභාපති, රෝහිත අබේගුණවර්ධන මහතා සභාපති තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කෝප් කමිටු සභාපතිවරයාට විරෝධය පළකර තිබියදීත් ඔහු ඉන් ඉවත් නොවන්නේ නම් සභාපතිවරයාගේ සදාචාරාත්මකබව සහ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බරපතළ ප්‍රශ්නයක් මතුවන බවයි.
වත්මන් කෝප් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයායි.
මේවනවිට ඔහුගේ පත්වීමට විරෝධය පළකරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 12දෙනෙකු පමණ කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවත්වාගෙන යෑමට අවශ්‍ය ඝණ පූර්ණය සාමාජිකයකු තිදෙනෙකි.
ඒ අනුව විපක්ෂයේ නියෝජනයක් නොමැතිව වුවප කෝප් කමිටුව පවත්වාගෙන යෑමට හැකි බව ආණ්ඩුවේ ප්‍රකාශකයකු පැවසීය.