fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ශ්‍රී දළදා මාළිගාවේ සද්දන්ත සාමාජිකයෝ (📸)

    ශ්‍රී දළදා මාළිගාවේ සද්දන්ත සාමාජිකයෝ (📸)

    හස්තීන් සහ මිනිසුන් අතර පවතින සබඳතාව අප අසා ඇති තරමට බුදුන් වහන්සේගේ කාලය දක්වාම විහිදේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවන්නේ සුදු ඇත් පැටවෙකු මහාමායා දේවියගේ ගැබට ඇතුළු වන සිහිනයකිනි. පාරමිතා පුරන බෝසත් කතා අතර අලි-ඇතුන්ගේ ආත්මයන් ද අලි-ඇතුන් දන් දීමේ ගුණය ද හෙළි වේ. නාලාගිරි දමනය කතාවෙන් කියැවෙන බුදුන්වහන්සේගේ මෛත්‍රී ගුණයේ බලය විදහා දක්වන එම කතාන්තරයෙන් සතුන් කෙරෙහි ඇතිකරගන්නා දයාව, කරුණාව, ආදරය කෙතරම් ප්‍රබලද යන්න වටහාගත හැකි අවස්ථාවක් ලෙස ද පැවසිය හැකිය.

    අලියා සහ මිනිසා අතර මෙරට පවතින බෞද්ධාගමික සහ සංස්කෘතික පසුතලය සඳකඩ පහණේ හා පිත්තල කැටයමේ සිට ඇම්බැක්ක දේවාලයේ දාරු කැටයම් දක්වා විහිදේ. පන්සල් බිතු සිතුවමේ සිට රජුගේ මඟුල් ඇතු දක්වා ම ඒ වාසනා ගුණය පැතිරී පවතී.

    හස්ථි මිත‍්‍ර සහසම්බන්ධතාව ඕනෑ තරම් වෙලාවක් බලා සිටීමට රුචි කරන හෙළ සංස්කෘතියේ ප‍්‍රබල අනන්‍යතාවයකි. පෙරහැරක අතිශය වැදගත් ස්ථානයක් හස්තීන්ට හිමිවේ.

    ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කිරීමේ සංස්කෘතික භාග්‍ය හිමිවන්නේ සද්ධන්ත කුලයේ ඇතෙකුට පමණී. කෙතරම් සද්ධන්ත වුව ද උපශාන්ත ලීලාවෙන් හා විනීත ව ඇතු දළදා කරඬුව වැඩමකරන විට නරඹන්නෝ අසුනෙන් නැඟිට ගෞරවාචාර දක්වති. හස්තියා පාදක ව නිර්මාණය වී ඇති ගජග‍ා වන්නම දළදා පෙරහර ශබ්ධ රසයෙන් ඒකාත්මික කරන නාදයයි. ගජනායක නිලමේතුමා කැටුව යන ඇතුගේ ගමන් රිද්මය ද මේ ගජගා වන්නමේ තාලයෙන් විදහා දක්වයි.

    ශ්‍රී දළදා මාළිගාවේ දැනට සිටින අලි-ඇත් පන්තියට අයත් සාමාජිකයන් මෙසේය.

    ඉන්දිරාජා

    ඉන්දිරාජා ඉන්දියාවේ දී උපත ලද හස්ථියෙකි. එවකට ඉන්දීය අගරාහස්මාත්යට ධූරය හෙබවූ රජීව් ගාන්ධි මහතා විසින් වර්ෂ 1986 දී මහනුවර දළදා මාලිගයට පූජා කරන ලද හස්ථියෙකි. අද වනවිට සධාතුක කරඬු වහන්සේ වැඩම වීමේ භාග්‍ය හිමිකරගෙන සිටියි.

    සිංහරාජා

    සිංහරාජා යුධ පැවති සමයේ සටන් භූමියක කුඩා ඇත් පැටවෙකු ලෙස තම රංචුව මඟහැරී අතරමංව සිටියදී ශරී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට විසින් එම පැටවා ප්‍රදේශයෙන් මුදවාගෙනවිත් 1994 වසරේ දී මහනුවර ශ්‍රී දළදා මාලිගයට භාර කරන ලද හස්ථියෙකී.

    අද වනවිට සධාතුක කරඬු වහන්සේ වැඩම වීමේ භාග්යත හිමිකරගෙන සිටියි.

    බුරුමරාජා

    මියන්මාර් අග්‍රාමාත්‍ය ලුතිනන් ජෙනරාල් තෙසිං යෙසිං මැතිතුමා විසින් 2007 වසරේ දී මහනුවර දළදා මාලිගයට පූජා කරන ලද හස්ථියෙකි.

    මියන්රාජා

    මියන්මාර් අග්‍රාමාත්‍ය ලුතිනන් ජෙනරාල් තෙසිං යෙසිං මැතිතුමා විසින් 2007 වසරේ දී මහනුවර දළදා මාලිගයට පූජා කරන ලද හස්ථියෙකි.

    ජනරාජා

    එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් වර්ෂ 1985 දී දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ සිටි ජන රාජා මහනුවර දළදා මාලිගයට පූජා කරන ලදී.

    මිගාර

    දළදා මාලිගා ඇත් පන්තියේ සිටින ලාබාලතම හස්ථියෙක් වන මිගාර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් 1999 වසරේ දී උඩවලව ඇත් අතුරු සෙවනෙන් මහනුවර දළදා මාලිගයට පූජා කරන ලද හස්ථියෙකි.

    විජයරාජා

    තායිලන්තයේ රජු විසින් 1986 වසරේ දී මහනුවර දළදා මාලිගයට පූජා කරන ලද හස්ථියෙකි.

    සින්දු

    2009 වසරේ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මල්වතු මහා විහාරයේ මහා නායක හිමියන්ට පරිත්‍යාග කරන ලද හස්ථියෙකි.

    රාජු

    2009 වසරේ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අස්ගිරි මහා විහාරයේ මහා නායක හිමියන්ට පරිත්‍යාග කරන ලද හස්ථියෙකි.

    පුලතිසිරාජා

    මියන්මාර අගමැති අවුන් සන් සු කී මැතිනිය විසින් 2017 වසරේ දී පරිත්‍යාග කරන ලද හස්ථියෙකි.

    ඡායාරූප -ශ්‍රී දළදා මාළිගාව /ඇත්ගාල

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.