පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා අධිකරණය වෙත රහස්‍ය සාක්ෂියක් දීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කීය.
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට සති 3කට විතර පෙර මට ලැබිච්ච තොරතුරක් අනුව තමයි මම ඊයේ ඒ ප්‍රකාශය කරනු ලැබුවේ. ඒ අනුව මම එවෙලෙම කිව්වා අධිකරණයට මට ප්‍රකාශයක් කිිරීමට අවශ්‍යයි. අධිකරණයකින් මට විශේෂයෙන්ම නනියෝගයක් ලැබුණොත් ඇවිල්ලා පෙනී හිටින්න කියලා මම රහසිගත සාක්ෂියක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මම රහසිගත සාක්ෂියක් දෙන්නෙන් වෙන හේතුවකට නෙවෙයි. විවෘත සාක්ෂියක් දුන්නොත් මම අධිකරණයේ මම දන්නවා පැහැදිලිවම මගේ ජීවිතය සහ සමහරවිට මගේ පවුලේ දරුපවුල් පවා විනාශ කරන්න පුළුවන්. ඒක නිසා මේ පැහැදිලිවම දේශපාලන මතවාදී කාරණයක් නෙවෙයි. දේශාපාලන වශයෙන් යම් යම් ප්‍රශ්න තියෙන, ඒවාට ගෑවිච්ච කාරණයක් නෙවෙයි. මම ඉතාම අවංකව කරන ප්‍රකාශයක්.”
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සැබවින්ම සිදුකළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවත් එම තොරතුරු අධිකරණයට හෙළි කිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කර තිබුණි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළහොත් තොරතුරු හෙළි කරන බවයි.
පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරු කවුරුන්ද යන්න මෙතෙක් කිසිවකු හෙළි කර නොමැති බවද ඔහු එහිදී සඳහන් කළේය.
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (22) සිදුකළ ප්‍රකාශය පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.
ප්‍රහාරය පිළිබඳ තමා දන්නා තොරතුරක් සඟවාගෙන තබාගැනීම වරදක් බැවින් මෛත්‍රීපාල සිරිසේනන මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙසත්, මෙම ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙසත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලකින් ඉල්ලා තිබුණි.
සබැඳි පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ අභිරහස් ‘සොනික් සොනික්’ ගැන ගෝඨාභයගේ හෙළිදරව්ව