ජා-ඇලදී කුඩු මංජු නැමැත්තාට පසුගිය 09 වෙනිදා වෙඩි තැබීමට සම්බන්ධ පාතාලයේ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ඊයේ රාත්‍රී කාලයේදී ගනේමුල්ල සුමේධ මාවතේ නිවසක් වටලා ඇතුළුවීමට ගිය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තැබූ එම පාතාල අපරාධකරු විශේෂ කාර්ය බලකා ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇත.
මෙසේ මරුමුවට පත්ව ඇත්තේ පාතාල අපරාධකරුවකු වන කදමුල්ල ආරච්චිගේ මංජුල ප්‍රසාද් හේමන්ත නොහොත් පැට්ටා මංජු යන අයගේ ගෝලයෙකු වන බුලගහපිටිය, ඇහැලියගොඩ පදිංචි ෂෙහාන් අසංක බටුගෙදර යන අය බව පොලිස් විශේෂ කර්ය බලකාය කියයි.
පිස්තෝල අවියකින් වෙඩිතැබීම හේතුවෙන් ඇතිවු වෙඩි හුවමාරුවකදී තුවාල ලබා රාගම ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරියෙකුද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පුද්ගලයා 2024.03.09 වන දින ජා-ඇල පොලිස් වසමේදී එරිප්පුගේ මංජුල සරත් ප්‍රනාන්දු නොහොත් කුඩු මංජුට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු බවට අනාවරණය වී ඇතැයිද විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
ජා-ඇලදී කුඩු මංජු නැමැත්තාට පසුගිය 09 වෙනිදා වෙඩි තැබීමට සම්බන්ධ පාතාලයේ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ඊයේ රාත්‍රී කාලයේදී ගනේමුල්ල සුමේධ මාවතේ නිවසක් වටලා ඇතුළු වීමට ගිය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තැබූ එම පාතාල අපරාධකරු විශේෂ කාර්ය බලකා ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇත.