වැල්ලවාය – තණමල්විල මාර්ගයේ කුමාරදාස හන්දිය ආසන්නයේදී අද සිදුවූ අනතුරකින් මගීන් 15 දෙනෙකු (15) තුවාල ලබා තිබේ.
අද (මාර්තු 21) උදෑසන ඔවුන් ගමන් ගත් බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් වූ අනතුරෙන් තුවාල ලැබූවන් අතර සිසුන් 07 දෙනෙකු ද වන බව සඳහන් ය.
බස් රථ රියදුරු ද ඇතුළු සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.