fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෙරළේ ගල්පරයක සිටි යොවුන් පෙම් යුවලක් රැල්ලට ගසාගෙන ගිහින්

    වෙරළේ ගල්පරයක සිටි යොවුන් පෙම් යුවලක් රැල්ලට ගසාගෙන ගිහින්

    උණවටුන ජංගල් බීච් මුහුදු තීරයේ ගල් පරයක් මත පෙම් සුව විඳිමින් සිටි පාසල් සිසුවෙක් සහ සිසුවියක් රළපහරකට හසුව ඊයේ සවස මුහුදට ගසාගෙන ගොස් ඇත.

    සිසුන් දෙදෙනා ගසාගෙන යන අයුරු දුටු ධිවරයින් පිරිසක් දියට පැන සිසුවිය බේරාගෙන ඇතත් සිසුවා දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ.

    සිසුවා සොයා නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් අද දිනයේත් මෙහෙයුමක් දියත්කර ඇතත් සවස් වන තුරුම සිසුවාගේ සිරුර හමුවී නොතිබුණි.

    ගාල්ලේ ප්‍රසිද්ධ විද්‍යාලයක අධ්‍යාපනය ලබන එම සිසුවා 17 හැවිරිදි වියේ පසුවන්නෙකි. එම පාසලේ ශිෂ්‍ය නායකයෙකු ද වන ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ පාසල් වේලාවෙන් පසු කාලයේ දී බවත් ඔවුන් පාසල් නිල ඇදුමින් සිට නැති බවත් මේ ගැන විමර්ශන පවත්වන හබරාදූව පොලීසිය කියයි.

    මෙම සිසුවා අක්මීමන වලහන්දූවේ පදිංචිකරුවෙකි.

    Photo – File Photo

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. Yko oi wge news dann klin poddk blpn. Ub dkkd uu pemsuwa wida wida innw. Gon ponnyo wge hsirennep. Ee kolla marila iwri. Aduma thrme uge athmet hri sanasimen inn dipn ponnyo. Ublt ook news ekk withrai. Eeth ee minissunt nathiwela thiyenne eylge daruwek. Hithichcha paliyt dewl liyannepa. Ponna huththa

    ඔබේ අදහස් දක්වන්න.