fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන් හමුදාවේ විශිෂ්ඨතමයන්ට සම්මාන

    ගුවන් හමුදාවේ විශිෂ්ඨතමයන්ට සම්මාන

    ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිමට ලක්කිරිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සමිමාන ප‍්‍රධානෝත්සවය පසුගියදා පවත්වා තිබේ.

    ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මානශීලි නිපැයුම් හා නව සොයාගැනිම් ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ‍ ගුවන් භටයින් මෙහිදී ඇග‍යේ.

    මෙම සම්මාන ප්‍රදානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විව් උත්සව ශාලාවේදි පැවැත්විණි.

    2023 වර්ෂයේ මුල සිට අග දක්වා කාළය තුල ගුවන් හමුදාවේ එක් එක් වෘත්තින්ට අදාල විශිෂ්ඨතම ගුවන් භටයා තේරිම පිළිගත් ක‍්‍රමවේදයකට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධික්ෂණයන් යටතේ සිදුකිරිමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් පත්කරනු ලබන කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා හා ගුවන් කාන්තාව වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සමිමාන ලබයි.

    නව සොයාගැනිමි හා නව නිපයුමි සිදුකරනු ලබන කාණ්ඩායම් සදහාද මෙහිදි සමිමාන පිරිනමන ලදි.

    ඒ අනුව 2023 වසරේ ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස ගුවන් හමුදා මොරවැව කදවුරේ රෙඡිමේනතු විශේෂ බලකායට අනියුක්තව සේවය කරනු ලබන බලපංති සැරයන් සම්පත් කුමාර පිදුම් ලැබීය.

    2023 වසරේ ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස ගුවන් හමුදා මොරවැව කදවුරේ රෙඡිමේනතු විශේෂ බලකායට අනියුක්තව සේවය කරනු ලබන බලපංති සැරයන් සම්පත් කුමාර

    විශිෂ්ඨතම ගුවන් කාන්තාව ලෙස ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ රෙජිමේන්තු පුහුණු පක්ෂාංගයට අනියුක්තව සේවය කරනු ලබන කෝප‍්‍රල් ඉසන්කා රාමනායක විසින් පිදුම් ලබන ලදි.

    විශිෂ්ඨතම ගුවන් කාන්තාව ලෙස ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ රෙජිමේන්තු පුහුණු පක්ෂාංගයට අනියුක්තව සේවය කරනු ලබන කෝප‍්‍රල් ඉසන්කා රාමනායක

    කණ්ඩායම් අංශයෙන් “විශිෂ්ඨතම පර්යේෂණ කණ්ඩායම” ලෙස මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණ කණ්ඩායම සම්මානය දිනා ගන්නා ලදී. “ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉන්ද්‍රා මාර්ක් II රේඩාර් හි තත්‍කාලීන රේඩාර් දත්ත ප්‍රධාන ගුවන් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ලබා ගැනීම” පිළිබඳ පර්යේෂණ සඳහා මෙම සම්මානය දිනාගන්නා ලදි

    මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරිතුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා නිළධාරින් සෙසු නිළයන් හා සමිමාන ලැබු ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි විය

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.