තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් සභාපති හමුවේ පළමු විභාගයට ලංවිම කෝප් කමිටුවට

    අලුත් සභාපති හමුවේ පළමු විභාගයට ලංවිම කෝප් කමිටුවට

    විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPE) හමුවට ලබන 21 වැනිදා කැඳවා තිබේ.

    එම මණ්ඩලයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

    රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු එම කමිටුව හමුවට කැඳවෙන පළමු ආයතනය වන්නේ විදුලිබල මණ්ඩලයයි.

    ජනතා වතු සංවර්ධන අධිකාරිය ලබන 22 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව තිබුණත් එය අවලංගු කර ඇත.

    මේ අතර දූෂණ වංචා අක්‍රමිකතා තදින්ම පවතින්නේ යැයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇති රාජ්‍ය ආයතන ඉදිරියේ දී ඉහළ ප්‍රමුඛත්වය දක්වා කැඳවා ප්‍රශ්න කිරීමට කෝප් කමිටු නව සභාපතිවරයා බලාපොරොත්තුවෙන් සිටී.

    මේ අතර ඉරාන් වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම සාමාජික ධුරයට විපක්ෂයේ එකඟත්වයෙන් නව මන්ත්‍රීවරයකු මේ සතියේ දී පත් කිරීමට කතානායකවරයා තීරණය කර ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img