තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි

    හෙට සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි

    හෙට (19) දිනයේදී සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය දින 07 ක කාලකට අත්හිටුවීමට තීරණය කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ඉල්ලීමට අනුව අදාළ පියවර ගත් බව එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

    සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය ඇමතිවරයා විසින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව අදාළ තීරණය ගෙන ඇති බව ද ඔහු කියා සිටියේය.

    මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීමට නියමිතව තිබුණේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය වෘත්තීය සම්ති සන්ධානය ඒකාබද්ධව සකස් කරන ලද තාක්ෂණික වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාර ප්‍රමාද වීම හේතුවෙනි.

    කෙසේ වෙතත්, අදාළ සාකච්ඡාව තීරණ ගනු ලබන සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීම විසඳුමකට යාම සදහා අත්‍යවශ්‍ය ය.

    එම නිසා සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීමකට අනුව වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img