තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF ගැන සජබයේ ඉල්ලීමට රජය එකඟයි

    IMF ගැන සජබයේ ඉල්ලීමට රජය එකඟයි

    ශ්‍රි ලංකාවේ ණය හිමියන් සමග සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන් සම්බන්ධව අවශ්‍ය දැනුවත් වීමට සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති ඉල්ලීමට රජය එකඟ වෙයි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානමින් සිටින බවයි.

    එමෙන්ම මුල්‍ය වෙළෙඳපොළ සංවේදී නොවන තොරතුරු ලබාදීමටද රජය සුදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී සිටී.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවක් ලබාදීමට රජය කටයුතු කළ නමුත් එම අවස්ථාව විපක්ෂය මඟහැර ගිය ද තවත් අවස්ථාවත් ලබා දීමට රජය සූදානම් බව හෙතෙම අවධාරණය කළේය.

    නමුත් එය අවංක චේතනාවෙන් සිදුවිය යුතු බවත් කුමන පක්ෂයක් වෙන් වෙන්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ ද වෙනස්කම් කීරීමට පාර්ලිමේන්තුව මගින් අදාළ යෝජනා ඉදිරිපත් කළ හැක්කේ බහුතරය පවතින රජයට පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img