fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට ඉඳන් ආ පෙම්වතියව ෆේස්බුක් පෙම්වතා කොල්ලකයි

    රට ඉඳන් ආ පෙම්වතියව ෆේස්බුක් පෙම්වතා කොල්ලකයි

    විදෙස්ගතව රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි කාන්තාවක් ෆේස්බුක් සමාජ ජාලයෙන් දැනහදුනාගත් පෙම්වතා සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට සිය නිවස වෙත ගමන්කරමින් සිටියදී එම පෙම්වතා ගල්ගමුව මීඔය පාලම අසලදී ඇය සතු රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා පළාගොස් තිබේ.

    මෙම කාන්තාව තඹුත්තේගම මල්වානේගම පදිංචි 41 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇය මැදපෙරදිග රටක කාලයක් සේවයේ නිරතව සිට නැවත මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 11 වෙනිදාය.

    ඇය විදෙස්ගතව රැකියාවේ නිරතව සිටියදී ළහිරු මධුසංඛ නැමැති අයෙකු මුහුණු පොතින් දැන හදුනාගෙන ඇත. වැඩිකල් නොගොස් දෙදෙනා පෙම්වතුන් බවටද පත්ව තිබේ.

    ඇය 11 වෙනිදා මෙරටට පැමිණෙන විට පෙම්වතාට ඒ බව දැනුම්දී තිබී ඇත. ඇය මෙරටට ගොඩබසින විට පෙම්වතා ගුවන්තොටුපොලට පැමිණ සිට ඇත්තේ ඇයවද පුදුම කරවමිනි. විවහාක කාන්තාවක් වූවත් ඇය සිය පෙම්වතා සමඟ තඹුත්තේගම යාමට එකඟවී ඇත්තේ පාළුව කාන්සියද මකා ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

    ඒ යන අතර තුර ගල්ගමුව මී ඔය පාලම ආසන්නයේදී ඔවුන් ගමන්කරමින් සිටි වාහනය මදකට නතරකර ඇති පෙම්වතා ඇයව වාහනයෙන් බස්සවා අඳුරු ස්ථානයකට රැගෙන ගොස් පහරදී ඇති බව කියැවේ. අනතුරුව පෙම්වතා ඇගේ ගෙල බැදි රන් මාලයත්, අත්පළදනාවත්, ඇය සතුව තිබුණු රුපියල් 750,000ක මුදකුත්,ජංගම දුරකථන දෙකකුත් කොල්ලකා පළාගොස් ඇත. මෙසේ කොල්ලකා ඇති මුදල් හා රන්භාණ්ඩ ඇතුළු දේපොලවල වටිනාකම රුපියල් 1,124,300ක් බව ඇය විසින් පෙරේදා (12) ගල්ගමුව පොලිස් ස්ථානයට ගොස් පැමිණිලිකරමින් සඳහන්කර තිබේ.

    මෙම කොල්ලය සිදුව ඇත්තේ 11 වෙනිදා රාත්‍රී 8.30ට පමණ බව පොලීසිය කියයි.

    මෙසේ ඇයව කොල්ලකෑ පෙම්වතා ළහිරු මදුසංඛ යැයි පමණක් නමින් ඇය හදුනන අතර ඔහු පදිංචි ස්ථානයක්වත් නොදන්නා බව පොලීසිය කියයි. ඇය ඔහු ගැන දැන සිටින්නේ මුහුණු පොතෙන් ඔහු සමඟ අදහස් හුවමාරුකර ගැනීමේදී හුවමාරුවූ තොරතුරු පමණක් බවත් අඩුම තරමින් එම පුද්ගලයා ගැන ඇය සොයා බැලීමක්වත් කර නැති බවත් පොලීසිය කියයි.

    තාක්ෂණික තොරතුරු ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලීසිය විශ්වාස කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.