fbpx
තවත්
    මුල් පිටුවspecialයළි භාවිත කළ හැකි රොකට් ගැන චීනයෙන් පර්යේෂණ

    යළි භාවිත කළ හැකි රොකට් ගැන චීනයෙන් පර්යේෂණ

     
    චීනය තම රොකට් පර්යේෂණ තවදුරටත් පුළුල් කිරීමට පියවර ගනී. මේ අනුව, මීටර් 4 සහ 5 ප්‍රමාණයේ, යළි භාවිත කළ හැකි රොකට් පිළිබඳව පර්යේෂණය කෙරෙමින් පවතී.

    ඉන් අනතුරුව, පිළිවෙළින් 2025 සහ 2026 වසරවල එම රොකට්ටු උඩුගුවනට යැවීමට සැලසුම් කර ඇතැයි චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සංස්ථාව පවසයි. එමගින් ව්‍යාපාරික අභ්‍යවකාශ වෙළඳපොළේ පවතින ඉල්ලුම සපුරාලිය හැකිවනු ඇත.
     
    යළි භාවිත කළ හැකි රොකට්ටු, අනාගත අභ්‍යවකාශ ගවේෂණය සඳහා වන වැදගත් මෙ‍වලමක් බව විශේෂඥයෝ පෙන්වා දෙති.

    ඉහළ කාර්යක්ෂමතාව හා උසස් මට්ටමේ තාක්ෂණය මෙන් ම පරිසර හිතකාමී බව එහි පවතින විශේෂතා වේ.

    පර්යේෂණ අදියරේ මුහුණ පෑ විවිධ තාක්ෂණික අසීරුතා ක්‍රමික ව මගහරවා ගනිමින් එම ක්‍රියාකරකම් විධිමත් ව පවත්වා ගෙන යමින් සිටින බව ද අදාළ බලධාරීහු පවසති.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.