fbpx
තවත්
    මුල් පිටුවspecialලෝකයේ චීන වාහන භාවිතය ඉහළට

    ලෝකයේ චීන වාහන භාවිතය ඉහළට

    මෙම වසරේ මුල් මාස දෙකේ, චීනයේ වාහන අපනයනය කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරයි. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 30% ක වැඩිවීමකි.
    චීන වාහන කර්මාන්ත සංගමය ඊයේ (11) මේ බව පැවසීය.

    ජනවාරි, පෙබරවාරි මාස දෙකේ චීනයේ වාහන අපනයන පරිමාව 822 000 ක් වන අතර, එය පසුගිය වසරට වඩා 30.5% ක වර්ධනයක් බව එම සංගමය නිකුත් කළ දත්තවල දැක්වේ. නව බලශක්ති වාහන 182 000 ක් ද ඊට ඇතුළත් ය. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 7.5% ක වර්ධනයකි. එසේම සාම්ප්‍රදායික ඉන්ධන වාහන අපනයනය 640 000 ක් වන අතර, එය 39% ක වර්ධනයක් වාර්තා කර ඇත.

    චීන මෝටර් රථවල තරඟකාරිත්වය මෙන්ම විදේශීය වෙළෙඳපොළ ඉල්ලුම ද අඛණ්ඩව පුළුල් වෙමින් පවතී. 2024 වසරේ දී ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ තත්ත්වය වර්ධනය වීමත් සමඟ චීනයේ මෝටර් රථ අපනයනය වේගවත් වර්ධනයක් පවත්වාගෙන යනු ඇතැයි චීන වාහන කර්මාන්ත සංගමය කියාසිටී. එම වර්ධන වේගය 20% ක පමණ අගයක පවතිනු ඇති බවට ද ඇස්තමේන්තු කර ඇත.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.