කලපලුවාවේ ධම්මරත්න හිමි ඝාතනයේ වෙඩික්කරු පොලිස් වෙඩිපහරින් අද(12) උදෑසන මියගොස් තිබේ.
මෙම සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේදී පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබූණි.
සඟවා තිබූ ආයුධ කිහිපයක් පෙන්වීමට ගොස් ඇතිවූ යම් සිද්ධියකින් අනතුරුව ඔහු පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
යුධ හමුදාවෙන් පලාවිත් සිටින සෙබලෙක් වන සැකකරු මෙම වෙඩි තැබීමට සමබන්ධ වී ඇත්තේ කොන්ත්‍රාත්තුවකට අනුව බව විමර්ශනවලින් හෙළිවිය.
ඉහත කී හිමිනම වෙඩිතබා ඝාතනය කිරීම පසුගිය ජනවාරි 23 වෙනිදා සිදුවන්නේ නිධානයකින් ගොඩගත්තේ යැයි කියනු ලබන මැණික් ගලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත යැයි කියැවේ.