පිටිගල ප්‍රදේශයේදී ඊයේ(11) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි තවත් අයෙකු අද අලුයම් කාලයේදී මියගොස් තිබේ.
ඒ අනුව පිටිගල සිදුවූ වෙඩිතැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙක්ද ඊයේ දිනයේ අම්බලන්ගොඩ සිදුවූ වෙඩිතැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙක්ද මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම වෙඩි ප්‍රහාර දෙකෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින ගණන මේ වනවිට 5කි.
පිටිගල වෙඩි තැබීමෙන් මියගිය සහ තුවාලකරුවන් වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගැනීමට පැමිණි අය බව පොලිසිය කියයි.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ එම වෙළඳසැලේ හිමිකරුය.
වෙඩි ප්‍රහාර එල්ල වනවිට ඔහු පලාගොස් දිවි බේරාගෙන තිබේ.
එම පුද්ගලයාට එරෙහි මිනිස් ඝාතන චෝදනාවක් ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.
අම්බලන්ගොඩ වෙඩිතැබීම කරන්දෙනියේ සුද්දා නමැති පාතාල අපරාධකරු විසින් ඩුබායි සිට මෙහෙයුම ඇති බව පොලිසිය සැක කරයි.
එම ප්‍රහාරයට හේතුව මත්කුඩු ආරවුලක් බව සඳහන්ය.