fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්වෙඩිතැබීම් දෙකක් -2ක් මරුට -5කට තුවාල

    වෙඩිතැබීම් දෙකක් -2ක් මරුට -5කට තුවාල

    අම්බලන්ගොඩට සහ පිටිගල පොලිස් වසම් තුල අද(11) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මියගොස් පස්දෙනකු තුවාල ලබා ඇත.

    යතුරු පැදි වලින් පැමිණ ටී-56 වර්ගයේ ගිනිඅවිවලින් මෙම වෙඩිතැබීම් දෙක සිදු කොට ඇත.

    පිටිගල වෙඩි තැබීමත් අම්බලන්ගොඩ වෙඩිතැබීමත් වෙළඳසැල් දෙකක් අසලදී සිදුව තිබේ.

    පිටිගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනා අතර කාන්තාවක් ද සිටින බව පොලීසිය සඳහන් කරයි.

    මෙම වෙඩිතැබීම්වලට නිශ්චිත හේතුවක් අනාවරණය නොවන බව පොලිසිය පවසයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.