පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වත්තල ඇලකන්ද ප්‍රදේශයේ ඊයේ සිදුකළ මෙහෙයුමකින් රුපියල් කෝටි 06කට අධික වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
කිලෝ 03යි ග්‍රෑම් 336ක් ඒ අතර ඇති බවත් එක් සැකකරුවෙක් අයිස් සමගත් අනෙත් සැකකරු ඊට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙනුත් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 27 හා 31 යන වයස්වල පසුවන්නන්ය. ඔවුන් සේදවත්ත හා මට්ටක්කුලියේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
photo – File photo