fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව යථාතත්වයට එන්න පටන් අරන් -IMF සතුටින්

    ශ්‍රී ලංකාව යථාතත්වයට එන්න පටන් අරන් -IMF සතුටින්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිසිලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට ආරම්භ වීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    මෙරටට අනුමත කර ඇති විස්තීරණ ණය පහසුකමෙහි අවසන් වාරිකය නිදහස් කිරීමට මඟපාදන දෙවැනි සමාලෝචනය සඳහා දිවයිනට පැමිණ සිටින ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා මේ බව ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර සිටියේ ය.

    ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අතර හමුවක් අද (07) මුදල් අමාත්‍යංශයේදී පැවැත්වූ අවස්ථාවේ දී ය.

    මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම සම්බන්ධයෙන් ද ඒ මහතා සිය ස්තූතිය පළ කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දී ශ්‍රී ලංකා රජය දක්වන කැපකිරීම් ධනාත්මක වෙනසක් ඇති කිරීමට උපකාරි වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බවයි.

    ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙලෙස පිළිගැනීමට ලක්වීම මගින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින ආර්ථික වර්ධනය උදා කරගැනීමේ හවුල් දැක්ම අවධාරණය කෙරෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එමෙන් මෙහිදී ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ අනාගත දැක්ම කෙරෙහි ද සාකච්ඡාවට ලක් වූ අතර මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වයේ විවිධ අංශ පිළිබඳව ද විමසා බැලිනි.

    ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමේදී සහ තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේ දී දෙපාර්ශ්වය අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කෙරණි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, කාර්ය මන්ඩල ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ශිරන්ත හේරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කත්‍යා ස්විරිඩ්සෙන්කා , නේවාසික නියෝජිත ආචාර්ය සරවත් ජහාන් , සොෆියා සැංග් , සන්දේශ් ධුන්ගනා , හොදා සෙලිම් , දිමිත්‍රි රොස්කොව් , මාර්ක් ඇඩම්ස්, හුයි මියෝ , සැම්සන් ක්වාලිංගන සහ මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සමන්විත විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.