තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොව පුරා Facebook, Instagram, Messenger බිඳවැටෙයි

    ලොව පුරා Facebook, Instagram, Messenger බිඳවැටෙයි

    Update -පැයක පමණ කාලයක ඇණහිටීම් වාර්තාවීමෙන් පසුව මෙම සමාජ ජාලා ක්‍රමයෙන් යළි යථාතත්වයට පත්ව ඇත.


    මෙටා සමාගමට අයත් ලොව ප්‍රමුඛතම සමාජ ජාලා වන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් හදිසියේ ක්‍රියා විරහිත වී තිබේ.

    ශ්‍රී ලංකාව ද ඇතුළුව ‍රටවල් ගණනාවකින් මෙටා වේදිකා හදිසියේම මෙලෙස බිඳවැටීම වාර්තා වී ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කරයි.

    පැයක පමණ කාලයක සිට ෆේස්බුක් හි, බලපෑමට ලක් වූ පරිශීලකයින් ඔවුන් එක්වරම ලොග් අවුට් වී ඇති බවත්, යළි එයට ඇතුළු වීමට නොහැකි වූ බවත් අනාවරණය වෙයි.

    ඉන්ස්ටග්‍රෑම් ක්‍රියා විරහිතව පවතී. මේටා මෙහෙයවන නව ත්‍රෙඩ්ස් සමාජ ජාලය ද ඇතැම් පුද්ගලයින්ට අක්‍රිය බවට වාර්තා පළවෙයි.

    මෙම සමාජ ජාලාවල සාමාන්‍ය පරිදි යෙදුම් හෝ වෙබ් අඩවි පූරණය කිරීමට පරිශීලකයින්ට නොහැකි වී ඇත.

    Meta මෙතෙක් ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් කර නොමැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img