සෙවනගල ලංකා සීනි සමාගමේ සභාපතිවරයාව එහි සේවකයින් අද පැය හතරක පමණ කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන විරෝධතාවක නිරත විය.
හිටපු යද හමුදා මේජර් ජනරාල් වරයෙක් වන සාරද සමරකෝන් මහතා එසේ සිරකරගෙන සේවකයින් විරෝධතාවයේ නිරත වූයේ පෙරවරු 10.00 සිටය.
තත්වය පාලනයකර සභාපතිවරයාව කාර්යාලයෙන් පිටතට ගැනීමට ඇඹිලිපිටිව , සෙවනගල සහ උඩවලව යන පොලිස් ස්ථානවලින් නිලධාරීන් රැගෙන විත් දැඩි ආරක්ෂාවක් සහිතව සභාපතිවරයාව පිටතට ගැනීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
විරෝධතාකරුවෝ සභාපතිවරයා කාර්යාල අඩස්සියේ තබා ගනිමින් එහිදී ප්‍රකාශ කළේ තම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පවා අනුමැතියක් නොගෙන ආයතන ගිණුමේ මුදල් වලින් රුපියල් ලක්ෂ දොළොස් දහසක මුදලක් මහ බාණ්ඩාගාරයට ලබාදී ඇති බවකි. ඒ හේතුව නිසා සේවකයින්ට දිරි දීමනා ගෙවීමට නොමැකිවී ඇති බවද සේවකයින් පවසන්න විය.