තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බංග්ලාදේශය හමුවේ ලංකාවට තියුණු ජයක්

    බංග්ලාදේශය හමුවේ ලංකාවට තියුණු ජයක්

    බංග්ලාදේශයේ සිල්හෙට් හි පැවැති පළමු විස්සයි 20 තරගය ලකුණු තුනකින් ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම අද (04) සමත්විය.

    පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 206ක් ලබා ගත්හ.

    සධීර සමරවික්‍රම නොදැවී 61 සහ චරිත් අසලංක නොදැවී ලකුණු 44 ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කරිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

    බංග්ලාදේශයේ බලාපොරොත්තු අවසන් පන්දුවාරය දක්වා පැමිණි අතර දසුන් ශානකගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ බල්පොරොත්තු බොඳ වී ගියේය.

    තරගයේ වීරයා සම්මානය පන්දු විසි එකක් තුළ නොදැවී ලකුණු 44ක් හා උඩ පන්දු තුනක් රැකගත් චරිත් අසංලකට හිමිවිය.

    ශ්‍රී ලංකාව 206/3 (20)
    බංග්ලාදේශය 203/8 (20)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img