fbpx
තවත්
    මුල් පිටුවspecialචීනයේ ශෙන්චෞ-17 ගගනගාමීන්ගේ දෙවැනි බාහිර මෙහෙයුම සාර්ථකයි

    චීනයේ ශෙන්චෞ-17 ගගනගාමීන්ගේ දෙවැනි බාහිර මෙහෙයුම සාර්ථකයි

    චීනයේ ශෙන්චෞ 17 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු තිදෙනා යානයෙන් බැහැර දෙවැනි මෙහෙයුම සාර්ථක ව අවසන් කරති.

    පැය 8 ක් පුරා බාහිර මෙහෙයුම්වල නිරත වූ, ටං හොංබාඕ, ටං ශෙන්ජියෙ සහ ජියැං ශිංලිං යන ගගනගාමීන් තිදෙනා පෙරේදා (02) පස්වරු 1.32 ට නියමිත ඉලක්ක සපුරා, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අනුබද්ධ වෙන්ටියැන් රසායනාගාර මොඩියුලය වෙත ආපසු පැමිණ තිබේ.

    ටියැන්හ ප්‍රධාන මොඩියුලයට අදාළ සූර්ය බලශක්ති පැනලවල නඩත්තු කටයුතු සිදුකිරීම මෙවර බාහිර මෙහෙයුම විය. චීන ගගනගාමීන් කක්ෂගත අභ්‍යවකාශ යානයට අනුබද්ධ බාහිර පහසුකම් නඩත්තු කිරීමේ මෙහෙයුමක් සම්පූර්ණ කළ පළමුවැනි අවස්ථාව මෙයයි.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.