fbpx
තවත්
    මුල් පිටුවspecialචීනයේ ඉහළම දේශපාලන උපදේශක මණ්ඩලය ස්ථාවර කමිටු සැසිවාරය අවසන් කරයි

    චීනයේ ඉහළම දේශපාලන උපදේශක මණ්ඩලය ස්ථාවර කමිටු සැසිවාරය අවසන් කරයි

    චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුව, එහි ස්ථාවර කමිටුවේ පස්වැනි සැසිවාරය බෙයිජිං අගනුවර දී අවසන් කරයි. එය, චීනයේ ජාතික දේශපාලන උපදේශක ආයතනය යි.

    චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති Wang Huning මහතා ඊයේ (2) පැවති සමාප්ති රැස්වීමට එක්වෙමින් දේශනයක් පැවැත්වීය.

    එම ජාතික කමිටුව පසුගිය වසරේ අත්කර ගත් සමස්ත ප්‍රගතිය පැසසුමට ලක් කළ ඔහු 2024 වර්ෂය, මහජන චීන සමූහාණ්ඩුව මෙන්ම චීන මහජන දේශපාලන උපදේශක සභාව පිහිටුවීමේ 75 වැනි සංවත්සර වසර බව ද සිහිපත් කළේය.

    චීන මහජන දේශපාලන උපදේශක සභාව සිය ප්‍රශස්ත සම්ප්‍රදාය ඉදිරියට ගෙන යා යුතු අතර, එහි දේශපාලන වගකීමට කැපවී සිටිය යුතුය. චීන නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සක්‍රියව උපදෙස් ලබාදෙමින් පොදු සම්මුතීන් ගොඩනගා ගත යුතුය. එසේම, ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා ප්‍රඥාව සහ ශක්තිය එක්රැස් කළ යුතු බව ද ජාතික කමිටු සභාපතිවරයා කියාසිටියේය.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.