fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ නව රැකියා අවස්ථා

    ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ නව රැකියා අවස්ථා

    ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වන අතර එම ශ්‍රමිකයින් තෝරා ගැනීම සදහා වන පරීක්ෂණ මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

    මෙම අවස්ථාව ලැබී ඇත්තේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ය.

    අමාත්‍යවරයා සහ ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කරන්නන්ගේ සංගමය අතර ඊයේ (28) දිනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡවකදී මේ බව සහතික වී ඇත.

    සිය ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලබාදෙමින් මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කිරීම සම්බන්ධයෙන් ජපන් රජයට සහ ආගමන විගමන විශය භාර එරට අධිකරණ අමාත්‍යවරයාට මනුෂ නානායක්කාර මහතා සිය ස්තුතිය පුද කළේය.

    එන්-4 මටටමේ ජපන් භාෂා ප්‍රවීනතාවය ලබාගත් අයට SSW ඛාණ්ඩය යටතේ මේ සදහා සුදුසුකම් ලබයි.

    සුදුසුකම් තහවුරු කරගැනීමේ පරීක්ෂණ කොටස් දෙකකින් සමත්විත වේ.

    එහිදී ලිඛිත පරීක්ෂණයක් මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයක්ද පැවැත්වේ.

    ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රය යටතේ SSW පරීක්ෂණය සදහා මුහුණදීමට අපේක්ෂිත ශ්‍රමිකයින් සදහා වන පුහුණු අවස්ථා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විමසා සිටි අතර එයට ප්‍රතිචාර දැක්වූ ජපන් නියෝජිතයින් සදහන් කළේ ඒ සදහා අවශ්‍ය පෙළපොත් සහ වීඩියෝ පට සකස් කර ඇති බවය.

    ඒවා ජනතාව අතරට ගෙන යාම සදහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

    මෙම රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින්ට SSW 2 මට්ටමට යොමුවීම මගින් කළමනාකාර තනතුරු සඳහා යොමුවීමටද අවස්ථාව හිමිවන බවත් එමගින් ජපානයේ ස්ථිර පදිංචියටද අවස්ථාව හිමිවන බවද ජපාන නියෝජිතයින් මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙම සාකච්ඡාව සදහා ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කරන්නන්ගේ සංගමයේ විශේෂ නියෝජිත Sachio Sugiyama ඇතුළු ජපන් නියෝජිතයෝ එක්ව සිටියහ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.