fbpx
තවත්
    මුල් පිටුවspecialදකුණු කොරියාවේ උපත් අනුපාතය තවත් පහළට

    දකුණු කොරියාවේ උපත් අනුපාතය තවත් පහළට

    ලොව පහළතම සාඵල්‍යතා අගයක් තිබෙන දකුණු කොරියාවේ උපත් අනුපාතය තවදුරටත් පහත බැස ඇති බවට නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.

    ඒ අනුව 2023 වර්ෂයේදී එරට නව උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවට එරට දත්ත වාර්තා සඳහන් කරයි. මෙම තත්ත්වය වෙනස් කිරීමට දකුණු කොරියානු රජය විසින් වැය කළ ඇමරිකානු ඩොලර් බිලයනකට අධික මුදලක් යහපත් ප්‍රතිඵල අත් කරදීමට අසමත්වීම ඇති බවටද වාර්තාවේ.

    මේ අතර එළැමෙන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ඉතා ප්‍රබල මාතෘකාවක් බවට උපත් අනුපාතය පත්ව ඇති බවත් උපත් අනුපාත වර්ධනය කිරීමට විවිධ සහන ලබාදීමටත් මෙහිදී යෝජනා ඉදිරිපත්ව ඇති බවත් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    දකුණු කොරියානු සංස්කෘතිය තුල දරුවන් බිහි කිරීමට විවාහය අත්‍යාවශ්‍ය කාරණයක්ව පවතින අතර එරට විවාහ අනුපාතයද ඉතාස සීඝ්‍රයෙන් පහළයාම උපත් අනුපාතය පහළ යාමට ප්‍රබල හේතුවක් වී තිබේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.