තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කථානායකට එරෙහි විශ්වාසභංගයක්

    කථානායකට එරෙහි විශ්වාසභංගයක්

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    කථානායකවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව ඔවුන් පෙන්වා දේ.

    එම විශ්වාසභංග යෝජනාව තුළින් පෙන්වා දෙන්නේ මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ 13, 17, 20, 33 (6), 34 (1),  35 (1), 21, 22, 31 වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති යෝජනා නොසලකා කටයුතු කර ඇති බව ය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී.ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img