තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් ගැන රජයෙන් නිවේදනයක්

    අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් ගැන රජයෙන් නිවේදනයක්

    රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් කර තිබේ.

    රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 සිට තිබූ වැටුප් විෂමතාවය එනම් 107% වෙනුවට 92%ක් ලබා දීම පිළිබඳ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය සමිති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් එක්ව පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි පත්කරන ලද කමිටු වාර්තාව පදනම් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

    ඉදිරි ආසන්නත ම කාලසීමාවේ දී ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ලැබුණු පසුව ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍යාංශය ක්‍රියාකරන බව අධ්‍යාපන අමාතයාංශය කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img