තවත්
    මුල් පිටුවspecialවසන්ත උත්සව සමයේදී චීන ආර්ථිකයටත් වසන්තය ඇවිත්

    වසන්ත උත්සව සමයේදී චීන ආර්ථිකයටත් වසන්තය ඇවිත්

    වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජන අංශයේ පුළුල් වර්ධනයක් දැකිය හැකි බව චීන වාණිජ අමාත්‍යාංශය කියාසිටී.

    අමාත්‍යාංශ ප්‍රකාශක හ’ යාදොං මහතා ඊයේ (22) පැවසුවේ 2024 වසර සඳහා එය ප්‍රශස්ත ආරම්භයක් බවයි.

    උත්සව සමයේ රන් සහ රිදී ඇතුළු ආභරණ අලෙවිය 23.8% කින් සහ ක්‍රීඩා හා විනෝදාස්වාද නිෂ්පාදන 15.6% කින් වර්ධනය වී ඇත.

    එසේම, සන්නිවේදන උපකරණ අලෙවිය 10.4% කින් ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් යාදොං මහතා පැවසීය.

     චීනයේ සේවා පරිභෝජනය ද මෙම කාලය තුළ මනා වර්ධනයක් පෙන්නුම් කරයි.

    දේශීය සංචාරකයන් යුවාන් බිලියන 632.69 ක මුදලක් වැය කර ඇති අතර, එහි වාර්ෂික වර්ධනය 47.3% කි.

    එසේම චීනයේ බොක්ස් ඔෆිස් සිනමා ආදායම ද යුවාන් බිලියන 8.02 ක වාර්තාගත අගයක් සපුරා තිබීම කැපීපෙනේ.

    මීට අමතරව ඊ-වාණිජ වේදිකා ඔස්සේ සිදුවන සිල්ලර විකුණුම්වල වාර්ෂික වර්ධනය ද 32.2% කින් ඉහළ ගොස් තිබේ.

    මේ අතර, රටේ පරිභෝජනය තවදුරටත් පුළුල් කිරීමේ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් මාලාවක් ද ක්‍රියාත්මකයි.

    ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී චීන පාරිභෝගික වෙළඳපොළ ස්ථාවර වර්ධනයක් අත්කර ගනු ඇති බවට ද හ’ යාදොං මහතා විශ්වාසය පළ කළේය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img