fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නවම් පුර පසළොස්වක පොහොය අදයි

    නවම් පුර පසළොස්වක පොහොය අදයි

    සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවටද, අදට යෙදී ඇති නවම් පුර පසළොස්වක පොහොය දිනය අතිශය වැදගත් දිනයකි.

    සම්බුද්ධ ශාසන නැමැති රත්නාකරයෙහි පහළ වූ මහාර්ඝ රත්නයක් බඳු වූ සැරියුත් සහ මුගලන් මහරහතන් වහන්සේලා සම්බුදු සසුන්හි බුදුන් වහන්සේගේ අගසවු තනතුරු ලබන ලද්දේත් නවම් පුනු පොහෝ දිනයක ය.

    සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම ගොස් චාපාල චෛත්‍ය කරා වැඩම කරවීම ද මෙම පොහොය දිනයේ දී සිදුවි තිබේ.

    මහාකාශ්‍යප තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු වී තිබීම නවම් පොහොය දිනයක සිදුවූ උත්කර්ෂවත් අවස්ථාවකි .

    ඕවාද ප්‍රාතිමෝක්ෂය නමින් පටු ආකල්ප බැහැර කොට සමාධිගත දිවි පෙවතකට සඟරුවන යොමු කරවීමේ දේශනාව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ද අද වන් වූ උතුම් නවම් පුන් පොහොය දිනයකයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට ප්‍රථමයෙන් ආයුසංස්කාරය හළේත් නවම් පුනු පොහෝ දිනයක ය.

    සම්බුද්ධ ශාසන වංශ කථාවෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පුනු පොහෝ දිනයක ය.

    මෙවන් වූ කරුණු ගණනාවක් හේතුවෙන් සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් වශයෙන් නවම් පුනු පොහෝ දිනය සැලකිය හැකි ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.