fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය හරස් මාර්ග 400කට වහාම ගේට්ටු සවිකරයි

    දුම්රිය හරස් මාර්ග 400කට වහාම ගේට්ටු සවිකරයි

    වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂක ගේට්ටු සවිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ සඳහා සේවකයින් 1200ක් බඳවා ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

    රජයේ බහු කාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවා ගත් පුද්ගලයින් ඒ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇත.

    මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවේදී මෙම බඳවා ගැනීම් සඳහා එකඟතාව හිමි වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේය.

    ආරක්ෂිත ගේට්ටු නොමැති වැඩිම හරස් මාර්ග සංඛ්‍යාවක් පවතින්නේ පුත්තලම මාර්ගයේ හා මුහුදුබඩ දුම්රිය මාර්ගයේයි.

    මෙම ඇතැම් හරස් මාර්ග සඳහා පොලීසිය විසින් ගේට්ටු සවිකර තිබුණ ද පසුගිය දා පුත්තලම ආරච්චිකට්ටුව මයියාව දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ අනතුරෙන් පසු එම ගේට්ටු ඉවත් කර ගන්නා බව පොලීසිය දැනුම් දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.