තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නෞකාවේ ගින්න මැඩලීමට ඉන්දියාවත් මැදිහත් වෙයි

    නෞකාවේ ගින්න මැඩලීමට ඉන්දියාවත් මැදිහත් වෙයි

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ වෛභව් නෞකාව සහ අයි.සී.ජී. ඩෝනියර් ගුවන් යානය සහ වෝටර් ලිලී බෝට්ටුව මෙරටට පිටත් කර එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

    මේ වන විටත් ගිනි ගැනීමට සහ පිපිරීම්වලට ලක්වෙමින් ඇති නෞකාවේ පාලක මැදිරිය දක්වා ගින්න ව්‍යාප්ත වී ඇතැයි නිරීක්ෂණය වී ඇත.

    පිපිරීම් සමග නෞකාවේ තිබුණු රසායනික ද්‍රව්‍ය පිරවූ බහලුම් කිහිපයක් මුහුදට වැටී ඇති බව සදහන්ය. එම බහලුම් වෙරළට ගොඩ ගැසීමක් හෝ වෙරළ ආසන්නයේ පාවෙමින් තිබේ නම් ඒ අසලට නොයන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදුපුර මහත්මිය සදහන් කළාය.

    ගිනි ගනිමින් ඇති නෞකාව ටොන් 40000 ක් පමණ බරැති බවත් එහි ඇති රසායනික ද්‍රව්‍ය අතර පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමු ද්‍රව්‍යද ඇති බවද සදහන් වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img