fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ජනපතිගේ අවධානයත් සමග වෛද්‍යවරු ලෙස වාහන පැදවූ 03 ක් අත්අඩංගුවට

    ජනපතිගේ අවධානයත් සමග වෛද්‍යවරු ලෙස වාහන පැදවූ 03 ක් අත්අඩංගුවට

    වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින්, සංචරණ නිතී උල්ලංඝණය කළ පුද්ගලයින් තිදෙනෙකු මෝටර් රථ තුනක්ද සමග අද (25) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
    සංචරණ සීමා පවතින අවස්ථාවේදී වෛද්‍යවරුන්ගේ මුද්‍රාව බොරුවට ගහගෙන යන අය ගැන සොයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට දැනුම් දී පැය 24 ක් යන්නට මත්තෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරමින් මහ මග ගමන් කරමින් තිබූ එම වාහන සමග ඒවායේ රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට, කොටුව සහ කුරුදුවත්ත යන පොලිස් ස්ථාන මගිනි. එම වාහන තුනම මෝටර් රථය.

    කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් වාහනය පදවා ඇත්තේ වෛද්‍යවරයෙකුගේ සහෝදරයෙකි. විසි අට වියැති ඔහු පොලීසියට පවසා ඇත්තේ දෙහිවල සිට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට මැනිං මාකට් එකට තමන් ගමන් කරන බවකි.

    කුරුදුවත්ත පොලීසිය අතත්අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍යවරියකගේ සැමියෙකි. ඔහු පුද්ගලික සමාගමක සේවයේ නිරතව සිටින්නෙකි. පොලීසියට එම පුද්ගලයා සදහන් කර ඇත්තේ සිය බිරිදව රැගෙන ඒමට යමින් සිටින බවය. නාරාහේන්පිට පොලීසි අත්අඩංගුවට ගත් පුද්ගලයා ඖෂධ බෙදා හරින්නෙක් බවත් ඔහු වැල්ලවත්තේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය සදහන් කරයි.

    වෛද්‍යවරුන්ට ලබාදී ඇති වරප්‍රසාදයක් අවබාවිතා කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය කියයි. එම ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට හැකියාව ඇත්තේ වෛද්‍යවරයෙක් ගමන් කිරීමේදී පමණක් බවත් එය වෙනත් පුද්ගලයින්ට ප්‍රදර්ශනය කරමින් ගමන් කිරීමට හැකියාවක් නොමැති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.