ඉන්දියාවේ භාවිත කරනු ලබන Unified Payments Interface (UPI) ක්ෂණික ජංගම ගෙවීම් පද්ධතිය මෙරටට ද හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
ඊට අදාළ ගිවිසුම හෙට (12) දින අත්සන් තැබෙනු ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
ජනාධිපතිවරයා සමඟ ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වූ විදේශ අමාත්‍යවරයා මේ බව කියාසිටියේ WION නමැති ඉන්දීය මාධ්‍ය වෙත පර්ත්හිදී අදහස් දකිවමිනි.
ඉන්දීය රුපියල් භාවිතය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙතෙම මාධ්‍යවේදියා වෙත අදහස් දක්වමින් සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ පද්ධතිය හෙට දින (12) නිල වශයෙන් හඳුන්වා දෙනු ඇති බවත් ය.
ඉන්පසුව මෙම ක්‍රමය මෙරට තුළ ක්‍රියාත්මක කරනු ඇති බවත් මෙමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ සීඝ්‍ර වර්ධනයක් අපේක්ෂා කරන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
Unified Payments Interface (UPI) යනු බැංකු ගිණුම් කිහිපයක් තනි ජංගම යෙදුමකට බලගන්වන පද්ධතියකි. බැංකු ගිණුම් කිහිපයක් වුවද මෙමගින් ඒකාබද්ධ කිරීම, බාධාවකින් තොරව අරමුදල් ඔන්ලයින් මගින් භාවිත කිරීමට සහ වෙළඳ ගෙවීම් එකම ස්ථානයකට ගෙනඒමට මෙමගින් හැකියාව ලබාදේ.
යූ.පී.අයි ලෙස හැඳින්වෙන ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය 2016 වර්ෂයේ දී ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව විසින් ක්ෂණික ගෙවීම් පද්ධතියක් ලෙස හඳුන්වා දෙනු ලැබීය.
මෙම ගෙවීම් පද්ධතිය ජංගම දුරකථන මාර්ගයෙන්, අන්තර් බැංකු සහ පුද්ගල වෙළෙඳාම් ගනුදෙනු සඳහා පහසුකම සපයයි.